Wednesday, October 10, 2012

නිලි වැස්ස වලස්මුල්ල ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහොත්සවය



නිලි වැස්ස
වලස්මුල්ල
ප්රාදේශිය සාහිත් කලා මහොත්සවය
 
වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද 2012 සංස්කෘතික මංගල්යය ඔක්තෝම්බර් 05 දින නිලි වැස්ස,  ප්රාදේශිය සාහිත් කලා මහොත්සවය නමින් උත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පවත්වන ලදී. ප්රාදේශිය ලේකම් දීපිකා කේ.ගුණරත්න මැතිණියගේ මග පෙන්වීම අනුව සංස්කෘතික කටයුතු අංශය නවක අභ්යාසලාභී උපාධිධාරි තරුණ තරුණියන් යොදා ගනිමින් මෙම කලා මහෝත්සවය ඉතාමත් සාර්තක ලෙස සංවිධානය කර තිබීම  මෙහි ඇති විශේෂත්වය විය.


දකුණු පළාත් සභා අමාත්යය ඩී.වී. උපුල් මැතිතුමාගේ පෞද්ගලික ලේකම් ඩී.. සරත්චන්ද් මහතා, දකුණු පළාත් සංස්කෘතික අමාත්යංශයේ සංස්කෘතික නිලධාරි ජයන්ත මහතා, වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති තුමා, හම්බන්තොට දිස්ත්රික් සංස්කෘතික නිලධාරිතුමිය  ඇතුළු සම්භාවනීය අමුත්තන්  රාශියක් මෙම මෙම උත්සව අවස්ථාවට සහභාගි වූහ.









2012 වසරේ වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්රාදේශිය සාහිත් නිර්මාණ තරඟාවලියේ ජයග්රාහකයින් සඳහා ත්යාග හා සහතිකපත් බෙදාදීමද ප්රාදේශිය ලේකම් දීපිකා කේ.ගුණරත්න මැතිණිය ප්රමුඛ ආරාධිත අමුත්තන් අතින් සිදු කරනු ලැබුහ.